Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayah #37 Translated in Sinhalese

وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَاهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا
තවද අල්ලාහ් කවුරුන්හට දයාව පහළ කළේද එමෙන් ම ඔබත් ඔහු කෙරෙහි උපකාර කළේද ඔහුට “ඔබගේ භාර්යාව ඔබ වෙතම තබා ගනු. තවද අල්ලාහ්ට බිය වනු” යැයි ඔබ පැවැසූ අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් එළිදරව් කිරීමට තිබූ දැය, මිනිසුන්ට බිය වී ඔබ ඔබගේ මනසෙහි සඟවා තැබුවෙහිය. ඔබ බිය වීමට ඉතාමත් සුදුස්සා අල්ලාහ්ය. තවද සෙයිද් (තම බිරිඳ වන) ඇයගෙන් (දික්කසාද වීමට) තීන්දු කර ගත් කල්හි අපි ඇයව ඔබට විවාහ කර දුනිමු. මන්දයත් දේවත්වය විශ්වාස කරන්නන්හට, ඔවුන් විසින් දරුකමට හදා ගත් අය ඔවුන්ගේ භාර්යාවන්ගෙන් (දික්කසාද වීමට) තීන්දු කර ගත් විට (එම කාන්තාවන්ව විවාහ කර ගැනීමේ දී එය ඔවුනට) වරදක් නොවනු පිණිසය. සැබැවින්ම මෙය සිදු කරනු ලබන අල්ලාහ්ගේ නියෝගයක් විය.

Choose other languages: