Surah Al-Baqara Translated in Sinhalese

الم

අලිෆ්, ලාම්, මීම්. (මේ ආකාරයට අරාබි අක්ෂර කිහිපයකින් පසු අල් කුර්ආනයේ සමහර පරිච්ජේද ආරම්භ වේ. විද්වතුන්ගේ අදහස් අනුව, මෙහි අපි නොදන්නා ගැඹුරු අර්ථයක් අන්තර් ගතවී ඇත.)
ذَٰلِكَ الْكِتَابُ لَا رَيْبَ ۛ فِيهِ ۛ هُدًى لِلْمُتَّقِينَ

අලිෆ්, ලාම්, මීම්. (මේ ආකාරයට අරාබි අක්ෂර කිහිපයකින් පසු අල් කුර්ආනයේ සමහර පරිච්ජේද ආරම්භ වේ. විද්වතුන්ගේ අදහස් අනුව, මෙහි අපි නොදන්නා ගැඹුරු අර්ථයක් අන්තර් ගතවී ඇත.)
الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ

ඔවුහු කවරහු ද යත් අදෘශ්‍යමාන දෑ පිළිබඳ ව විශ්වාස කරති. තවද සලාතය විදිමත්ව ඉටු කරති. තවද අප ඔවුනට ලබා දුන් දැයින් වියදම් කරති.
وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ

තවද ඔවුහු කවරහු ද යත් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති.
أُولَٰئِكَ عَلَىٰ هُدًى مِنْ رَبِّهِمْ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තවද ඔවුහුම ය ජයග්‍රාහකයෝ.
إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ

නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට නුඹ අවවාද කළ ද නැතිනම් අවවාද නොකළ ද එක සමාන ය. ඔවුහු විශ්වාස නොකරති.
خَتَمَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰ أَبْصَارِهِمْ غِشَاوَةٌ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත ද ඔවුන්ගේ සවන් මත ද මුද්‍රා තැබීය. තවද ඔවුන්ගේ පෙනීම මත ආවරණයක් ඇත. තවද ඔවුනට බිහිසුනු ඳඬුවම් ඇත.
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ

තවද ජනයා අතරින් "සැබැවින්ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු" යැයි පවසන ඇතැමුන් සිටිති. නමුත් ඔවුහු දේවත්වය විශ්වාස කළ අය නොවෙති.
يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ

ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන් ට වංචා කරති. (සත්‍ය වශයෙන්ම) ඔවුහු තමන්ට ම මිස වංචා නොකරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත.
فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ

ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන් ට වංචා කරති. (සත්‍ය වශයෙන්ම) ඔවුහු තමන්ට ම මිස වංචා නොකරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත.
Load More