Surah Al-Fath Translated in Sinhalese

إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا

(අහෝ නබිවරය!) නියත වශයෙන්ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු.
لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُسْتَقِيمًا

නුඹේ පාපයෙන් පෙර සිදු වූ දෑ හා පසු සිදු වූ දෑ සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත්ය.
هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ ۗ وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

දේවත්වය විශ්වාස කරන්නන්ගේ සිත් තුළට ඔවුන්ගේ විශ්වාසය සමගම විශ්වාසය වැඩි කර ගනු පිණිස ශාන්තභාවය පහළ කළේ ඔහුය. අහස්හි හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
لِيُدْخِلَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ ۚ وَكَانَ ذَٰلِكَ عِنْدَ اللَّهِ فَوْزًا عَظِيمًا

තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු පිණිසත්ය. ඔවුන් එහි සදාතනිකයින්ය. තවද ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු කමා කරනු පිණිසත්ය. එය අල්ලාහ් අබියස අතිමහත් ජයග්‍රහණයයි.
وَيُعَذِّبَ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ الظَّانِّينَ بِاللَّهِ ظَنَّ السَّوْءِ ۚ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ ۖ وَغَضِبَ اللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ ۖ وَسَاءَتْ مَصِيرًا

තවද අල්ලාහ් පිළිබඳ නරක සිතුවිලි ඇති කර ගත් කුහක පිරිමීන් හා කුහක කාන්තාවන්ටත් දෙවියන්ට ආදේශ තබන්නන් හා ආදේශ තබන්නියන්ටත් ඔහු දඬුවම් කිරීම පිණිසත්ය. ඔවුන් වෙත නපුර වෙළා ගනු ඇත. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. තවද ඔවුනට ඔහු ශාප කළේය. තවද ඔවුනට නිරය සූදානම් කළේය. තවද යොමු වන ස්ථානයෙන් එය නපුරු විය.
وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا

තවද අහස් හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතුය. තවද අල්ලාහ් මහා ප්‍රඥාවන්ත ය; සර්ව බලධාරී ය.
إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا

නියත වශයෙන්ම අපි නුඹ සාක්ෂිකරුවෙකු, ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් එව්වෙමු.
لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا

නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාව ද විශ්වාස කර; තවද ඔහුට උදව් කර; ඔහුට ගරුබුහුමන් කර; තවද නුඹලා ඔහු (අල්ලාහ්)ව උදේ සවස සුවිශුද්ධ කරනු පිණිසය.
إِنَّ الَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ اللَّهَ يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ ۚ فَمَنْ نَكَثَ فَإِنَّمَا يَنْكُثُ عَلَىٰ نَفْسِهِ ۖ وَمَنْ أَوْفَىٰ بِمَا عَاهَدَ عَلَيْهُ اللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًا

නියත වශයෙන්ම නුඹට ප්‍රතිඥා දෙන්නන් වනාහි ඔවුහු ප්‍රතිඥා දෙනුයේ අල්ලාහ්ටය. අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත් වලට ඉහළිනි. එහෙයින් කවරෙකු (ප්‍රතිඥාව) කඩ කළේ ද නියත වශයෙන්ම එසේ ඔවුන් ප්‍රතිඥාව කඩ කරනුයේ තමන්ට එරෙහිවය. තවද කවර දෙයක් වෙත අල්ලාහ්ට ප්‍රතිඥා දුන්නේ ද එය ඉටු කළ අය වනාහි ඔහුට මහත් වූ තිළිණයක් ඔහු පිරිනමනු ඇත.
Load More