Surah Al-Hadid Translated in Sinhalese

سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් ව සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු ප්‍රාණය දෙන්නේය. තවද මරණයට පත් කරන්නේය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

ඔහු ප්‍රාරම්භකයාය. අවසානයාය. දෘශ්‍යමානයාය. (අදෘෂ්යමාන) අභ්යන්තරයාය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය.
هُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنْتُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

ඔහු වනාහි අහස් හා මහපොළොව දින හයක් තුළ මවා අර්ෂ් මත ස්ථාපිත විය. මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ඉහළට යන දෑ ද ඔහු දනී. තවද නුඹලා කොතැනක සිටිය ද ඔහු නුඹලා සමගය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ

අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۚ وَهُوَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

ඔහු රාත්‍රිය දහවලෙහි ඇතුඵ කරයි. තවද දහවල රාත්‍රියෙහි ඇතුඵ කරයි. තවද ඔහු හදවත් තුළ පවතින දෑ පිළිබඳ සර්ව ඥානීය.
آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَأَنْفِقُوا مِمَّا جَعَلَكُمْ مُسْتَخْلَفِينَ فِيهِ ۖ فَالَّذِينَ آمَنُوا مِنْكُمْ وَأَنْفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ

අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාණන් පිළිබඳ නුඹලා විශ්වාස කරනු. තවද කවර විෂයයක නුඹලා ව (භාරකාර) නියෝජිතයින් බවට ඔහු පත් කළේ ද එවන් දැයින් නුඹලා වියදම් කරනු. එහෙයින් නුඹලා අතරින් දේවත්වය විශ්වාස කොට වියපැහැදම් කළවුන් වන ඔවුනට මහත් කුලියක් ඇත.
وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِاللَّهِ ۙ وَالرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَاقَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

තවද නුඹලාගේ පරමාධිපති පිළිබඳ නුඹලා විශ්වාස කරනු පිණිස නුඹලා ව රසූල්වරයා ඇරයුම් කරමින් සිටිය දී නුඹලා අල්ලාහ් ව විශ්වාස නොකිරීමට නුඹලාට කුමක් වීද? ඔහු නුඹලාගෙන් (මීට පෙර) ප්‍රතිඥා ගෙන ඇත. නුඹලා දේවත්වය විශ්වාස කරන්නවුන් නම් (එය අමතක නොකළ යුතුයි.)
هُوَ الَّذِي يُنَزِّلُ عَلَىٰ عَبْدِهِ آيَاتٍ بَيِّنَاتٍ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَإِنَّ اللَّهَ بِكُمْ لَرَءُوفٌ رَحِيمٌ

ඔහු වනාහි නුඹලා ව අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස පැහැදිලි සංඥා තම ගැත්තා වෙත පහළ කරයි. තවද නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සෙනෙහෙවන්තය. මහා කාරුණිකය.
وَمَا لَكُمْ أَلَّا تُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا يَسْتَوِي مِنْكُمْ مَنْ أَنْفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ ۚ أُولَٰئِكَ أَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ أَنْفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකර සිටීමට නුඹලාට කුමක් වීද? අහස්හි හා මහපොළොවේ උරුමයන් අල්ලාහ්ට හිමිය. ජයග්‍රහණයට පෙර වියදම් කොට සටන් වැදුණවුන් (පසුගාමීන්ට) සමාන නොවේ. ඔවුහු ඔවුනට පසු ව වියදම් කොට සටන් වැදුණවුන්ට වඩා තරාතිරමින් අති මහත් වූවෝ වෙති. තවද සියල්ලන්ට අල්ලාහ් යහපත ප්‍රතිඥා කළේය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.
Load More