Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #35 Translated in Sinhalese

وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ ۖ نَحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ ۚ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْئًا كَبِيرًا
තවද දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා මරා නොදමනු. ඔවුන්ට ද නුඹලාට ද පෝෂණය ලබා දෙනුයේ අපය. නියත වශයෙන්ම ඔවුන් ව මරා දැමීම මහත් පවක් විය.
وَلَا تَقْرَبُوا الزِّنَا ۖ إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلًا
තවද නුඹලා කාම අපචාරයට ළං නොවනු. නියත වශයෙන්ම එය අශික්ෂිත කරුණකි. තවද එය මාර්ගයෙන් ද නපුරු විය.
وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۗ وَمَنْ قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِفْ فِي الْقَتْلِ ۖ إِنَّهُ كَانَ مَنْصُورًا
තවද අල්ලාහ් තහනම් කළ ආත්මයක් උරුමයකින් තොර ව නුඹලා ඝාතනය නොකරනු. තවද කවරෙකු අපරාධ කරනු ලැබූවකු ලෙසින් ඝාතනය කරනු ලැබුවේ ද ඔහුගේ භාරකරුට සැබැවින්ම අපි බලයක් පැවරුවෙමු. නමුත් ඔහු ඝාතනය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා නොයා යුතුය. නියත වශයෙන්ම ඔහු උදව් කරනු ලබන්නෙක් විය.
وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۚ وَأَوْفُوا بِالْعَهْدِ ۖ إِنَّ الْعَهْدَ كَانَ مَسْئُولًا
තවද අනාථයාගේ වස්තුවට ඔහු වැඩිවියට පත් වන තෙක් වඩාත් යහපත් වන දෙයකින් හැර නුඹලා සමීප නොවනු. තවද නුඹලා ගිවිසුම පූර්ණවත් කරනු. නියත වශයෙන්ම ගිවිසුම විමසනු ලබන්නක් විය.
وَأَوْفُوا الْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا
තවද නුඹලා මනින විට මිණුම සම්පූර්ණ කරනු. තවද නිවැරදි තුලාවකින් නුඹලා කිරනු. එය උතුම්ය. තවද අවසානය ද වඩාත් අලංකාරය.

Choose other languages: