Surah Al-Jathiya Translated in Sinhalese

تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

මෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි.
إِنَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِلْمُؤْمِنِينَ

නියත වශයෙන්ම අහස් හා මහපොළොවෙහි දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥා ඇත.
وَفِي خَلْقِكُمْ وَمَا يَبُثُّ مِنْ دَابَّةٍ آيَاتٌ لِقَوْمٍ يُوقِنُونَ

තවද නුඹලා මැවීමෙහි ද සත්වයින් ඔහු විසුරුවා ඇති ආකාරයෙහි ද තරයේ විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ رِزْقٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ الرِّيَاحِ آيَاتٌ لِقَوْمٍ يَعْقِلُونَ

තවද රාත්‍රිය හා දහවල වෙනස්වීමෙහි ද, අල්ලාහ් අහසින් පෝෂණ සම්පත් පහළ කොට මහපොළව මිය ගිය පසු එමගින් එය නැවත ප්රාණවත් කිරීමෙහි ද සුළං හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَ اللَّهِ وَآيَاتِهِ يُؤْمِنُونَ

ඒවා අල්ලාහ්ගේ සංඥා වේ. අපි ඔබට ඒවා සත්‍යයෙන් යුතු ව පාරායනය කර පෙන්වමු. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ වදන් වලට පසු ව කවර ප්‍රකාශයක් ඔවුහු විශ්වාස කරන්නෝ ද?
يَسْمَعُ آيَاتِ اللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَنْ لَمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ

ඔහු වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන් වලට ඔහු සවන් දෙයි. පසු ව ඔහු එයට සවන් නොදුන්නාක් මෙන් හිතුවක්කාර ලෙස හැසිරෙයි. එහෙයින් වේදනීය දඬුවම පිළිබඳ ව (නබිවරය!) නුඹ ඔහුට ශුභාරංචි දන්වනු.
وَإِذَا عَلِمَ مِنْ آيَاتِنَا شَيْئًا اتَّخَذَهَا هُزُوًا ۚ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ

ඔහු අපගේ වදන් අතරින් කිසිවක් හෝ දැන ගත් විට එය ඔහු විහිළුවට ගත්තේය. නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහුමය.
مِنْ وَرَائِهِمْ جَهَنَّمُ ۖ وَلَا يُغْنِي عَنْهُمْ مَا كَسَبُوا شَيْئًا وَلَا مَا اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِيَاءَ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

ඔවුනට පසුපසින් නිරය ඇත. ඔවුහු කවර දෙයක් උපයා ගත්තේ ද එය හෝ අල්ලාහ්ගෙන් තොර ව ඔවුහු භාරකරුවන් ලෙස ගත් දෑ හෝ ඔවුනට ඵලක් නොවනු ඇත. තවද ඔවුනට මහත් දඬුවමක් ඇත.
Load More