Surah Al-Jinn Translated in Sinhalese

قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا

නියත වශයෙන්ම ජින්නුන්ගෙන් පිරිසක් (අල් කුර්ආනයට) සවන් දී "සැබැවින්ම අපි පුදුමාකාර පාරායනයකට සවන් දුන්නෙමු යැයි පැවසූ වග මා වෙත දේව පණිවිඩය මගින් දන්වනු ලැබීය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ ۖ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا

එය ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතිට කිසිවකු හෝ ආදේශ නොකරන්නෙමු යැයි පැවසූ බවත් (දන්වනු ලැබීය.)
وَأَنَّهُ تَعَالَىٰ جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا

“තවද නියත වශයෙන්ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතර විය. ඔහු සහකාරියක හෝ දරුවෙකු හෝ නොගත්තේය.”
وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا

තවද අප අතර සිටි අඥානයකු අල්ලාහ්ට එරෙහි ව ප්‍රබන්ධ කතා පවසා සිටියේය.
وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ تَقُولَ الْإِنْسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا

“මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහි ව බොරුවක් කිසිවිටෙක නොපවසනු ඇතැයි නියත වශයෙන්ම අපි සිතමින් සිටියෙමු.”
وَأَنَّهُ كَانَ رِجَالٌ مِنَ الْإِنْسِ يَعُوذُونَ بِرِجَالٍ مِنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا

තවද නියත වශයෙන්ම ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් මිනිස් වර්ගයාගෙන් පිරිසක් ආරක්ෂාව පැතුවෝය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝය.
وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنْتُمْ أَنْ لَنْ يَبْعَثَ اللَّهُ أَحَدًا

අල්ලාහ් කිසිවකු හෝ නැවත (පණ දී) එවන්නේම නැතැයි නුඹලා සිතුවාක් මෙන් සැබැවින්ම ඔවුහු ද සිතුවෝය.
وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا

තවද නියත වශයෙන්ම (ජින්වරුන් වන) අපි අහස ස්පර්ශ කළෙමු. එවිට එය දැඩි ආරක්ෂාවෙන් හා උල්කාපාත වලින් පිරී තිබෙනු අපි දුටුවෙමු.
وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَصَدًا

තවද (අහසේ සිදුවන කතා බහ) සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ එසේ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහු දකිනු ඇත.
وَأَنَّا لَا نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَنْ فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا

තවද මහපොළොවේ වෙසෙන්නන් හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැයි නියත වශයෙන්ම අපි නොදනිමු.
Load More