Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayah #2 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحِلُّوا شَعَائِرَ اللَّهِ وَلَا الشَّهْرَ الْحَرَامَ وَلَا الْهَدْيَ وَلَا الْقَلَائِدَ وَلَا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِنْ رَبِّهِمْ وَرِضْوَانًا ۚ وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُوا ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَنْ صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَنْ تَعْتَدُوا ۘ وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ්ගේ සලකුණු වලට හෝ පිවිතුරු පාරිශුද්ධ මාස වලට හෝ (කැප කිරීම් වෙනුවෙන්) වෙන් කළ සතුන්ට හෝ (ඒ සඳහා සලකුණු ලෙස) ගෙලමාල පැලැන්ඳ වූ සතුන්ට හෝ තම පරමාධිපතිගේ භාග්‍යය හා තෘප්තිය අපේක්ෂාවෙන් පිවිතුරු නිවසට අභයදායී ව පැමිණෙන්නන්ට හෝ (හිරිහැර හා නින්දා කිරීම) නුඹලා අනුමත කර නොගනු. තවද නුඹලා ඉහ්රාමය ඉවත් කර දැමුවේ නම් එවිට නුඹලා දඩයම් කර ගනු. ශුද්ධ දේවස්ථානයෙන් නුඹලාට අවහිර කළ පිරිසකගේ ක්‍රෝධය නුඹලා (ඔවුන් වෙත) සීමාව ඉක්මවා කටයුතු කිරීමට නුඹලා ව පොළඹවිය නොයුතුය. තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.

Choose other languages: