Surah Al-Munafiqoon Translated in Sinhalese

إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ ۗ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ

කුහකයෝ නුඹ වෙත පැමිණි විට “නියත වශයෙන්ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් යැයි අපි සාක්ෂි දරන්නෙමු” යැයි ඔවුහු පවසති. තවද නියත වශයෙන්ම නුඹ ඔහුගේ ගැත්තා බව අල්ලාහ් දනී. තවද නියත වශයෙන්ම කුහකයෝ බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි.
اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ

ඔවුන්ගේ දිවුරීම් ඔවුන් පලිහක් ලෙස ගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝය. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
ذَٰلِكَ بِأَنَّهُمْ آمَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ

එය නියත වශයෙන්ම ඔවුන් විශ්වාස කොට පසු ව ප්‍රතික්ෂේප කළ හේතුවෙනි. එවිට ඔවුන්ගේ හදවත් මත මුද්රා තබනු ලැබීය. එහෙයින් ඔවුහු වටහා නොගනු ඇත.
وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ ۖ وَإِنْ يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ ۖ كَأَنَّهُمْ خُشُبٌ مُسَنَّدَةٌ ۖ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ ۚ هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ ۚ قَاتَلَهُمُ اللَّهُ ۖ أَنَّىٰ يُؤْفَكُونَ

තවද නුඹ ඔවුන් දුටු විට ඔවුන්ගේ ශරීර(හැඩරුව) නුඹව විශ්මයට පත් කරනු ඇත. තවද ඔවුන් (යමක්) පවසන්නේ නම් ඔවුන්ගේ ප්‍රකාශයට නුඹ සවන් දෙනු ඇත. නියත වශයෙන්ම ඔවුන් හේත්තු කර තැබු ලී කොටක් මෙනි. සෑම හඬක්ම තමන්ට එරෙහි වූවක් යැයි ඔවුහු සිතති. ඔවුහුමය සතුරෝ. එහෙයින් නුඹ ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. අල්ලාහ් ඔවුන් විනාශ කරත්වා! ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ اللَّهِ لَوَّوْا رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُمْ مُسْتَكْبِرُونَ

තවද “නුඹලා එනු. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලා වෙනුවෙන් සමාව අයැදිනු ඇතැයි” ඔවුනට කියනු ලැබූ විට ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. ඔවුන් උඩඟු වූවන් ලෙස සිටිමින් (අල්ලාහ්ගේ මාර්ගයෙන්) ඔවුන් අවහිර කිරීම නුඹ දකිනු ඇත.
سَوَاءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටිය ද ඔවුන් වෙනුවෙන් නුඹ සමාව නොඇයද සිටිය ද ඔවුන් වෙත එක සමානය. අල්ලාහ් ඔවුනට සමාව නොදෙන්නේමය. නියත වශයෙන්ම අල්ලාහ් පාපතර ජනයාට මග නොපෙන්වයි.
هُمُ الَّذِينَ يَقُولُونَ لَا تُنْفِقُوا عَلَىٰ مَنْ عِنْدَ رَسُولِ اللَّهِ حَتَّىٰ يَنْفَضُّوا ۗ وَلِلَّهِ خَزَائِنُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَفْقَهُونَ

ඔවුන් වනාහි ‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින්නන් කෙරෙහි ඔවුන් වෙන් ව යන තුරු නුඹලා වියදම් නොකරනු’ යැයි (අන් අයට) පවසන්නෝ වෙති. අහස් හා මහපොළොවෙහි සම්පත් අල්ලාහ් සතුය. එනමුත් කුහකයින් වටහා නොගනිති.
يَقُولُونَ لَئِنْ رَجَعْنَا إِلَى الْمَدِينَةِ لَيُخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلَّ ۚ وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ

“අප මදීනාව වෙත හැරී ආවේ නම් උසස් අය පහත් අය ව එයින් පිටුවහල් කරනු ඇතැ”යි ඔවුහු පවසති. සියලු ගෞරවයන් අල්ලාහ් සතුය. තවද ඔහුගේ දූතයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් සතුය. නමුත් කුහකයින් අවබෝධ කර නොගනිති.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللَّهِ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් නුඹලා වෙනතකට යොමු නොකරත්වා! කවරෙකු එය සිදු කරන්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.
وَأَنْفِقُوا مِنْ مَا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَا أَخَّرْتَنِي إِلَىٰ أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُنْ مِنَ الصَّالِحِينَ

තවද නුඹලා අතරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. “මාගේ පරමාධිපතියාණනි! මද කලකට ඔබ මා ප්‍රමාද කළ යුතු නොවේ ද? එවිට මම පරිත්යාග කරමි. තවද දැහැමියන් අතරින් කෙනෙකු වෙමි” යැයි ඔහු පවසයි.
Load More