Surah Al-Muzzammil Translated in Sinhalese

أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا

නැතහොත් ඊට වඩා වැඩි කර ගනු. තවද අල් කුර්ආනය නිසි අයුරින් පිළිවෙළට පාරායනය කරනු.
إِنَّا سَنُلْقِي عَلَيْكَ قَوْلًا ثَقِيلًا

නියත වශයෙන්ම අපි නුඹ වෙත බරැති ප්‍රකාශයක් මතු හෙළන්නෙමු.
إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْئًا وَأَقْوَمُ قِيلًا

නියත වශයෙන්ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතුය. තවද කියවීමට වඩාත් උචිතය.
وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا

තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු.
رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَا إِلَٰهَ إِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِيلًا

ඔහු නැගෙනහිර හා බටහිරෙහි හිමිපාණන්ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් භාරකරුවකු වශයෙන් ඔබ ඔහු ගනු.
وَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلًا

තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු.
Load More