Surah Al-Qamar Translated in Sinhalese

وَإِنْ يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ

තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُسْتَقِرٌّ

තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක්ම සිදුවන්නකි.
وَلَقَدْ جَاءَهُمْ مِنَ الْأَنْبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ

තවද අවවාදයන් ඇතුළත් තොරතුරු ඔවුන් වෙත සැබැවින්ම පැමිණ ඇත.
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُكُرٍ

එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු එදින (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවනු ඇත;
خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ

ඔවුන්ගේ බැල්ම පහත හෙළමින්, නියත වශයෙන්ම ඔවුන් විසිරී යන පළඟැටියන් මෙන් මිනිවළ වල් වෙතින් බැහැර වෙති.
مُهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ

කැඳවන්නා වෙත (බෙලි දිගු කරමින්) වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ

ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. එසේම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබීය.
فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانْتَصِرْ

එවිට ඔහු නියත වශයෙන්ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේය.
Load More