Surah An-Nahl Translated in Sinhalese

أَتَىٰ أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත. එහෙයින් නුඹලා එයට ඉක්මන් නොවනු. ඔවුහු ආදේශ කරන දැයින් ඔහු සුපිවිතුරුය. තවද උත්තරීතරය.
يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنْذِرُوا أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاتَّقُونِ

නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹලා මට බිය බැතිමත් විය යුතු යැයි (පවසා) නුඹලා අවවාද කිරීම සඳහා ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත ඔහුගේ නියෝගයෙන් ජීවමාන(දේව පණිවිඩ)ය රැගත් මලක්වරුන් ඔහු පහළ කරයි.
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ تَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

සත්‍යයෙන් යුතුව, අහස් හා මහපොළොව ඔහු මැව්වේය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
خَلَقَ الْإِنْسَانَ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ

ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසා ව මැව්වේය. එවිට පවා ඔහු ප්‍රකට වාද කරන්නෙකු වී ඇත.
وَالْأَنْعَامَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ

තවද ගොවිපළ සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඒවා මැව්වේය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය.
وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ

තවද ගාල් කරන්නට සවසට දක්කාගෙන එන විට ද තණ බුදින්නට (උදෑසන) දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත.
وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَمْ تَكُونُوا بَالِغِيهِ إِلَّا بِشِقِّ الْأَنْفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَحِيمٌ

නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමක් වෙත උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිතය. මහා කාරුණිකය.
وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ

තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවනු ඇත.
وَعَلَى اللَّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَائِرٌ ۚ وَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ

තවද ඍජු මාර්ගය පහදා දීම අල්ලාහ් සතුවය. තවද මාර්ග අතරින් වැරදි මාර්ග ද ඇත. තවද ඔහු අභිමත කළේ නම් ඔහු නුඹලා සියලු දෙනාට මග පෙන්වන්නට තිබුණි.
هُوَ الَّذِي أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً ۖ لَكُمْ مِنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ

අහසින් ජලය පහළ කළේ ඔහුමය. ඉන් නුඹලාට පානය ඇත. තවද එහි නුඹලා (සතුන්ට) බුදින්නට දෙන ගස් ද ඇත.
Load More