Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #101 Translated in Sinhalese

مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ
යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු.
فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනා කළ විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.
إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කොට තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නන්හට බලපෑමක් කිරීමට ඔහුට හැකියාවක් නොමැත.
إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُمْ بِهِ مُشْرِكُونَ
ඔහුගේ බලය බල පවත්වනුයේ ඔහු ව භාරකරු බවට පත් කර ගත් අය කෙරෙහි හා ඔවුහු ඔහු (අල්ලාහ්) ට සමානයන් තබන්නන් කෙරෙහිය.
وَإِذَا بَدَّلْنَا آيَةً مَكَانَ آيَةٍ ۙ وَاللَّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُوا إِنَّمَا أَنْتَ مُفْتَرٍ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
තවද එක් වදනක් වෙනුවට තවත් වදනක් අපි වෙනස් කළ විට - පහළ කළ යුත්තේ කුමක්ද පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. - නියත වශයෙන්ම නුඹ ගොතා පවසන්නෙක් යැයි ඔවුහු පැවසූහ. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (සත්‍යය) නොදනිති.

Choose other languages: