Quran Apps in many lanuages:

Surah Ar-Rad Ayahs #6 Translated in Sinhalese

اللَّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۚ يُدَبِّرُ الْأَمْرَ يُفَصِّلُ الْآيَاتِ لَعَلَّكُمْ بِلِقَاءِ رَبِّكُمْ تُوقِنُونَ
කිසිදු කුලුනකින් තොර ව ඔබ දකින අහස ඔසවා තැබුවේ අල්ලාහ් වන ඔහුය. පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත වූයේය. තවද ඔහු හිරු හා සඳු වසඟ කළේය. සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. නුඹලාගේ පරමාධිපතිගේ හමු ව නුඹලා තරයේ විශ්වාස කළ හැකි වනු පිණිස මෙම වදන් ඔහු පැහැදිලි කරයි.
وَهُوَ الَّذِي مَدَّ الْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا ۖ وَمِنْ كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ ۖ يُغْشِي اللَّيْلَ النَّهَارَ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ
තවද මහපොළොව දිග හැර එහි කඳු හා ගංගා ඇති කළේ ඔහුමය. තවද සෑම ඵල වගාවකින්ම එහි ඔහු ද්විත්ව වශයෙන් ජෝඩුද ඇති කළේය. තවද ඔහු දහවල රාත්‍රියෙන් ආවරණය කරයි. නියත වශයෙන්ම වටහා ගන්නා ජනයාට එහි සාධක ඇත.
وَفِي الْأَرْضِ قِطَعٌ مُتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَىٰ بِمَاءٍ وَاحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍ فِي الْأُكُلِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
මහපොළොවේ එකිනෙකට යාබද ව පිහිටි කලාප ද මිදි වලින් යුත් උයන් ද කෙත් වතු ද මුදුන් මුල සහිත හා මුදුන් මුල රහිත රටඉඳි ගස් ද ඇත. එකම ජලයෙන් සපයනු ලැබේ. පරිභෝජනයෙහි ඒවායින් ඇතැම් දේ ඇතැම් දේට වඩා විශිෂ්ටවත් කළෙමු. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත.
وَإِنْ تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۗ أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ وَأُولَٰئِكَ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
(නබිවරය) නුඹ පුදුමයට පත් වන්නෙහි නම් ඔවුහු "අපි පස් බවට පත් වූ විට නව මැවීමක් තුළට පත් වන්නෙමු ද?" යැයි ඔවුන් පැවැසීම (මීටවඩා) පුදුමයක් වේ. තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන් ඔවුහුමය. ඔවුන්ගේ ගෙලවල් වල විලංගු ඇත්තෝ ද ඔවුහුමය. තවද නිරාවාසීහු ද ඔවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
وَيَسْتَعْجِلُونَكَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِنْ قَبْلِهِمُ الْمَثُلَاتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ الْعِقَابِ
තවද යහපතට පෙර නපුර ඉක්මන් කරන්නැයි ඔවුහු නුඹගෙන් ඉල්ලා සිටිති. තවද ඔවුනට පෙර දඬුවමට ලක් වූවන් සැබැවින්ම ඉකුත් ව ගොස් ඇත. තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා කරන අපරාධ වලට ඔවුනට ක්ෂමාශීලීභාවයෙන් යුක්තය. එමෙන්ම නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා දැඩිය.

Choose other languages: