Surah As-Saff Translated in Sinhalese

سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ් ව සුවිශුද්ධ කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සිදු නොකරන දෙයක් නුඹලා පවසනුයේ ඇයි?
كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ أَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ

නුඹලා සිදු නොකරන දෙයක් ගැන පැවසීම අල්ලාහ් අබියස කෝපයෙන් ඉමහත් විය.
إِنَّ اللَّهَ يُحِبُّ الَّذِينَ يُقَاتِلُونَ فِي سَبِيلِهِ صَفًّا كَأَنَّهُمْ بُنْيَانٌ مَرْصُوصٌ

ශක්තිමක් ලෙස ඉඳි කරන ලද ගොඩනැගිල්ලක් සේ පෙළ ගැසී ඔහුගේ මාර්ගයේ සටන් කරන්නන් නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ لِمَ تُؤْذُونَنِي وَقَدْ تَعْلَمُونَ أَنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ ۖ فَلَمَّا زَاغُوا أَزَاغَ اللَّهُ قُلُوبَهُمْ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

තවද “අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලා වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයා බව නුඹලා දැන දැනම නුඹලා මට හිංසා කරනුයේ ඇයි දැ”යි මූසා ඔහුගේ ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු. එහෙයින් ඔවුන් (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව ගිය කල්හි, අල්ලාහ් ඔවුන්ගේ හදවත් ද (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව යන්නට සැලසුවේය. තවද අල්ලාහ් දුෂ්ඨ ජනයාට මග නොපෙන්වයි.
وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِنْ بَعْدِي اسْمُهُ أَحْمَدُ ۖ فَلَمَّا جَاءَهُمْ بِالْبَيِّنَاتِ قَالُوا هَٰذَا سِحْرٌ مُبِينٌ

තවද “ඉස්රාඊල් දරුවනි! මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද මගෙන් පසු ව පැමිණෙන තම නාමය අහ්මද් නමැති (මුහම්මද් නම්) දූතයෙකු ගැන ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද මම නුඹලා වෙත පැමිණ ඇති අල්ලාහ්ගේ දූතයෙකු වෙමි” යැයි, මර්යම්ගේ පුත් ඊසා පැවසූ අවස්ථා ව සිහියට නගනු. නමුත් ඔවුන් වෙත පැහැදිලි සාධක සමග ඔහු පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමකි යැයි ඔවුහු පැවසූහ.
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ الْكَذِبَ وَهُوَ يُدْعَىٰ إِلَى الْإِسْلَامِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

තවද ඉස්ලාමය වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී අල්ලාහ් වෙත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.
يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවල් වලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම අලෝකය පූර්ණවත් කරන්නාය.
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

දේව ආදේශකයින් පිළිකුල් කළ ද යහමග හා සත්‍යය දහම සමග එය සියලු දහම් වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහුය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا هَلْ أَدُلُّكُمْ عَلَىٰ تِجَارَةٍ تُنْجِيكُمْ مِنْ عَذَابٍ أَلِيمٍ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! වේදනීය දඬුවමකින් නුඹලා ව ආරක්ෂා කරන ව්යාපාරයක් මම නුඹලාට පෙන්වා දෙන්න ද?
Load More