Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #64 Translated in Sinhalese

إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ ۖ فَرِيضَةً مِنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් (අනිවාර්ය බද්ධ) හිමි විය යුත්තේ දිළිඳුන්ට ද දුගියන්ට ද ඒ සම්බන්ධ ව කටයුතු කරන්නන්ට ද තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද වහලුන් නිදහස් කිරීමේ දී ද, ණය බරින් පෙළෙන්නන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි සහ (සරණ පතන) මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානීය; ප්‍රඥාවන්තය.
وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ ۚ قُلْ أُذُنُ خَيْرٍ لَكُمْ يُؤْمِنُ بِاللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِلَّذِينَ آمَنُوا مِنْكُمْ ۚ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ
තවද මෙම නබිවරයාට පීඩා කරන්නන් ද ඔවුන් අතරින් වෙති. ඔහු (සියල්ලන්ට ඇහුම්) කන්දෙන්නෙක් යැයි ඔවුහු පවසති. ඔහු නුඹලාට යහපත ගෙන දෙන දෑට කන් දෙන්නෙකි. ඔහු අල්ලාහ් පිළිබඳ විශ්වාස කරනු ඇත. දේවත්වය විශ්වාස කරන්නන්ට විශ්වාසවන්ත ව කටයුතු කරනු ඇත. නුඹලා අතරින් විශ්වාස කළවුනට ඔහු දයාවකි යැයි (නබිවරය) නුඹ පවසනු. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට පීඩා කරන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
يَحْلِفُونَ بِاللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللَّهُ وَرَسُولُهُ أَحَقُّ أَنْ يُرْضُوهُ إِنْ كَانُوا مُؤْمِنِينَ
ඔවුහු නුඹලා ව තෘප්තියට පත් කරවනු පිණිස නුඹලා ඉදිරියේ අල්ලාහ් මත දිවුරති. තවද ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම් ඔවුහු තෘප්තියට පත් කරවීමට වඩාත් සුදුස්සන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ය.
أَلَمْ يَعْلَمُوا أَنَّهُ مَنْ يُحَادِدِ اللَّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ۚ ذَٰلِكَ الْخِزْيُ الْعَظِيمُ
කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පටහැණි ව කටයුතු කරන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න හිමි බවත් ඔහු එහි සදාතනිකයකු වන බවත් ඔවුහු දැන සිටිය යුතු නොවේ ද? මහත් වූ අවමානය එයයි.
يَحْذَرُ الْمُنَافِقُونَ أَنْ تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَا تَحْذَرُونَ
ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත පහළ වීම ගැන කුහකයෝ බිය වෙති. "නුඹලා සමච්චල් කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා බියවෙමින් සිටින දෑ හෙළි කරන්නේය" යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: