Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #100 Translated in Sinhalese

يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا عَنْهُمْ ۖ فَإِنْ تَرْضَوْا عَنْهُمْ فَإِنَّ اللَّهَ لَا يَرْضَىٰ عَنِ الْقَوْمِ الْفَاسِقِينَ
ඔවුන් ගැන නුඹලා තෘප්තියට පත් වනු පිණිස ඔවුහු නුඹලාට දිවුරති. නමුත් නුඹලා ඔවුන් ගැන තෘප්තිමත් වුව ද නියත වශයෙන්ම අල්ලාහ් පාපතර ජනයා ගැන තෘප්තියට පත් නොවෙයි.
الْأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا حُدُودَ مَا أَنْزَلَ اللَّهُ عَلَىٰ رَسُولِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
ගම්බද අරාබිවරු දේව ප්‍රතික්ෂේපයෙන් හා කුහකත්වයෙන් (නගරබද අරාබිවරුන්ට වඩා) ඉතා දරුණුය. (ඔවුහු නබිවරයාගේ සභාවන්හි වැඩිහරියක් සහබාගී නොවීම හේතුවෙන්) අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දෑහි සීමාවන් ඔවුන් නොදැන සිටීමට වඩාත් සුදුස්සන් ය. තවද අල්ලාහ් සර්වඥානීය; ප්‍රඥාවන්තයි.
وَمِنَ الْأَعْرَابِ مَنْ يَتَّخِذُ مَا يُنْفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ ۚ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
තවද ගම්බද අරාබිවරු අතරින් තමන් වියදම් කරන දෑ අලාභහානියක් ලෙස ගන්නා අය ද සිටිති. නුඹලා වෙත විපත්ති ඇති වීම ඔහු අපේක්ෂා කරයි. ඔවුනටමය නපුරු විපත්තිය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
وَمِنَ الْأَعْرَابِ مَنْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَتَّخِذُ مَا يُنْفِقُ قُرُبَاتٍ عِنْدَ اللَّهِ وَصَلَوَاتِ الرَّسُولِ ۚ أَلَا إِنَّهَا قُرْبَةٌ لَهُمْ ۚ سَيُدْخِلُهُمُ اللَّهُ فِي رَحْمَتِهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
තවද ගම්බද අරාබීන් අතරින්, අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන, තමන් වියදම් කරන දෑ, අල්ලාහ් වෙත සමීප වීම් වශයෙන් හා ධර්ම දූතයාණන්ගේ ආශිර්වාදයන් වශයෙන් සලකන අයද වෙති. දැන ගනු නියත වශයෙන්ම එය ඔවුන්ව සමීප කරවන්නකි. අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට ඔවුන් ව ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
(මක්කාහ් වෙත නික්ම ගිය) මුහාජිර්වරුන් හා (ඔවුනට උපකාර කළ මදීනාවාසීන් වන) අන්සාර්වරු අතරින් ආරම්භක පෙරටුගාමීහු ද තවද යහපත් ලෙසින් ඔවුන් ව පිළිපැද්දා වූ අය ද වන ඔවුන් ගැන අල්ලාහ් තෘප්තිමත් විය. තවද ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔහු ඔවුනට සූදානම් කර ඇත්තේය. සදහටම ඔවුහු එහි සදාතනිකයින්ය. එයයි අතිමහත් ජයග්‍රහණය.

Choose other languages: