Quran Apps in many lanuages:

Surah Luqman Ayahs #21 Translated in Sinhalese

يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنْكَرِ وَاصْبِرْ عَلَىٰ مَا أَصَابَكَ ۖ إِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
මාගේ පුතණුවනි! ඔබ සලාතය විධිමත් ව ඉටු කරනු. තවද යහපත් දෑ අණ කරනු. තවද පිළිකුල් සහගත දැයින් වළක්වනු. ඔබට හට ගත් දෑ මත ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන්ම එය අධිෂ්ඨාන පූර්වක කරුණු අතරින් වූවකි.
وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ
(උඬඟුකමින්) ඔබේ කම්මුල මිනිසුන්ට නොහරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නොකරනු. උඩඟු ලීලාවෙන්, උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
وَاقْصِدْ فِي مَشْيِكَ وَاغْضُضْ مِنْ صَوْتِكَ ۚ إِنَّ أَنْكَرَ الْأَصْوَاتِ لَصَوْتُ الْحَمِيرِ
තවද ඔබේ ගමනෙහි නිහතමානී වනු. තවද ඔබේ හඬ පහත් කරනු. නියත වශයෙන්ම හඬ අතරින් වඩාත් පිළිකුල් සහගත (හඬ) වනුයේ බූරුවාගේ හඬය.
أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً ۗ وَمِنَ النَّاسِ مَنْ يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُنِيرٍ
අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට වසඟ කර දුන් බවත් ඔහුගේ ආශිර්වාදය නුඹලා වෙත මතුපිටින් ද ඇතුළාන්තයෙන් ද සම්පූර්ණ කර දී ඇති බවත් නුඹලා නොදුටුවෙහුද? (එහෙත්) කිසිදු දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය ලබා දෙන ධර්ම ග්‍රන්ථයකින් හෝ තොර ව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නෝ ද ජනයා අතරින් වෙති.
وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا ۚ أَوَلَوْ كَانَ الشَّيْطَانُ يَدْعُوهُمْ إِلَىٰ عَذَابِ السَّعِيرِ
තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනුයි ඔවුනට කියනු ලැබූ කල්හි අපගේ පියවරු කවර දෙයක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පැවසූහ. ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ෂෙයිතාන් ඔවුන් ඇරයුම් කර සිටිය ද (ඔවුන් එසේ අනුගමනය කරයි ද?)

Choose other languages: