Surah Muhammad Translated in Sinhalese

الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ أَضَلَّ أَعْمَالَهُمْ

ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) අවහිර කළවුන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු (අල්ලාහ්) අපතේ හැර දැමීය.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ

තවද විශ්වාස කර යහකම් සිදු කර මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි යැයි විශ්වාස කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු ඉවත් කරයි. තවද ඔවුන්ගේ තත්ත්වය ඔහු විධිමත් කර දෙයි.
ذَٰلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِنْ رَبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ

එයට හේතුව නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් නිෂ්ඵල දෑ අනුගමනය කළ බැවින් හා විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය අනුගමනය කළ බැවිණි. මිනිසුනට ඔවුන්ගේ උපමාවන් අල්ලාහ් ගෙන හැර පානුයේ එලෙසය.
فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانْتَصَرَ مِنْهُمْ وَلَٰكِنْ لِيَبْلُوَ بَعْضَكُمْ بِبَعْضٍ ۗ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَنْ يُضِلَّ أَعْمَالَهُمْ

එහෙයින් නුඹලා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් (යුද බිමේ) හමු වූ විට (ඔවුන්ගේ) ගෙලවල් වෙතට පහර දෙනු. අවසානයේ නුඹලා ඔවුන් අබිබවනය කර ගත් විට යුද්ධය තම ආයුධ බිම තබන තෙක් (ඔවුන්) ග්‍රහණය කිරීම නුඹලා තදින්ම සිදු කරනු. එය පසු අනුග්‍රහ දැක්වීමක් හෝ වන්දි ලබා ගැනීමක් විය හැක. මෙය (අල්ලාහ්ගේ නියෝගය) වේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔවුනට ඔහුම දඬුවම් කරන්නට තිබුණි. නමුත් (ඔහු එසේ සිදු නොකළේ) නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් ඔහු පරීක්ෂාවට පත් කරනු පිණිසය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් අහිමි වී යන්නට ඔහු ඉඩ හරින්නේ නැත.
سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ

ඔහු ඔවුනට මතු මග පෙන්වනු ඇත. තවද ඔවුන්ගේ තත්ත්වයන් ඔහු විධිමත් කරනු ඇත.
وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ

තවද ඔවුනට ඔහු (හඳුන්වා දී) දැනුවත් කළ (ස්වර්ග) උයනට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථීර කරනු ඇත.
وَالَّذِينَ كَفَرُوا فَتَعْسًا لَهُمْ وَأَضَلَّ أَعْمَالَهُمْ

තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට විනාශයයි. තවද ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු අපතේ හැර දැමීය.
ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنْزَلَ اللَّهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ

එය නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේය.
أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ دَمَّرَ اللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَافِرِينَ أَمْثَالُهَا

මහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු අධීක්ෂණයෙන් නොබලන්නෝද? අල්ලාහ් ඔවුන් මුළුමණින්ම විනාශ කළේය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ද ඒ හා සමාන දෑ ඇත.
Load More