Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #18 Translated in Sinhalese

قَالُوا لَئِنْ أَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّا إِذًا لَخَاسِرُونَ
අපි (ශක්තිමත්) කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහු ව කා දැමුවේ නම් නියත වශයෙන්ම අපි එවිට අලාභවන්තයෝ වෙමු යැයි ඔවුහු පැවසූහ.
فَلَمَّا ذَهَبُوا بِهِ وَأَجْمَعُوا أَنْ يَجْعَلُوهُ فِي غَيَابَتِ الْجُبِّ ۚ وَأَوْحَيْنَا إِلَيْهِ لَتُنَبِّئَنَّهُمْ بِأَمْرِهِمْ هَٰذَا وَهُمْ لَا يَشْعُرُونَ
ඔවුහු ඔහු ව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහු ව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන්ම ඔවුන් නොදැන සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු.
وَجَاءُوا أَبَاهُمْ عِشَاءً يَبْكُونَ
තවද ඔවුහු හඩා වැළපෙමින් අඳුරු සමයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝය.
قَالُوا يَا أَبَانَا إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِنْدَ مَتَاعِنَا فَأَكَلَهُ الذِّئْبُ ۖ وَمَا أَنْتَ بِمُؤْمِنٍ لَنَا وَلَوْ كُنَّا صَادِقِينَ
‘අපගේ පියාණනි! නියත වශයෙන්ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමග යූසුෆ් ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහු ව කා දැමීය. අපි සත්‍යවාදීන් ව සිටිය ද ඔබ අප ව විශ්වාස කරන්නකු නොවනු ඇතැයි’ ඔවුහු පැවසුවෝය.
وَجَاءُوا عَلَىٰ قَمِيصِهِ بِدَمٍ كَذِبٍ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ وَاللَّهُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
ඔවුහු ව්‍යාජ ලේ ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය.

Choose other languages: