Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #74 Translated in Sinhalese

فَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ جَعَلَ السِّقَايَةَ فِي رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا الْعِيرُ إِنَّكُمْ لَسَارِقُونَ
එසේ ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලු ව තුළ (රන්) ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේය. පසු ව අහෝ තවලම් කරුවනි! නියත වශයෙන්ම නුඹලා සොරුන් යැයි නිවේදකයකු දන්වා සිටියේය.
قَالُوا وَأَقْبَلُوا عَلَيْهِمْ مَاذَا تَفْقِدُونَ
ඔවුහු ඔවුන් වෙත හැරී නුඹලා නැති කර ගත්තේ කුමක් දැයි විමසුවෝය.
قَالُوا نَفْقِدُ صُوَاعَ الْمَلِكِ وَلِمَنْ جَاءَ بِهِ حِمْلُ بَعِيرٍ وَأَنَا بِهِ زَعِيمٌ
රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙක් බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි යැයි ඔවුහු පැවසුවෝය.
قَالُوا تَاللَّهِ لَقَدْ عَلِمْتُمْ مَا جِئْنَا لِنُفْسِدَ فِي الْأَرْضِ وَمَا كُنَّا سَارِقِينَ
අල්ලාහ් මත දිවුරා පවසමු. මහපොළොවේ කලහකම් කිරීමට අපි නොපැමිණි බවත් අපි සොරුන් නොවන බවත් සැබැවින්ම නුඹලා දන්නෙහු යැයි ඔවුහු පැවසුවෝය.
قَالُوا فَمَا جَزَاؤُهُ إِنْ كُنْتُمْ كَاذِبِينَ
එසේ නුඹලා බොරුකාරයින් වී නම් නුඹලාගේ ප්‍රතිවිපාකය කුමක් විය යුතු දැයි ඔවුහු විමසුවෝය.

Choose other languages: