Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #100 Translated in Sinhalese

فَلَمَّا أَنْ جَاءَ الْبَشِيرُ أَلْقَاهُ عَلَىٰ وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا ۖ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ
පසු ව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේය. එවිට ඔහු නැවත පෙනීම ඇත්තෙකු ලෙස පත් විය. නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නොකීවෙම්දැයි ඔහු විමසුවේය.
قَالُوا يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِئِينَ
අපගේ පියාණනි! අපගේ පාපයන් වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව! නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් වූයෙමු යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّي ۖ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලීය; මහා කරුණාවන්තය.
فَلَمَّا دَخَلُوا عَلَىٰ يُوسُفَ آوَىٰ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ادْخُلُوا مِصْرَ إِنْ شَاءَ اللَّهُ آمِنِينَ
ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි ඔහු වෙත ඔහුගේ දෙමාපියන් ඔහු ළං කර ගත්තේය. තවද අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙස නුඹලා මිසරයට ඇතුළු වනු යැයි ඔහු පැවසුවේය.
وَرَفَعَ أَبَوَيْهِ عَلَى الْعَرْشِ وَخَرُّوا لَهُ سُجَّدًا ۖ وَقَالَ يَا أَبَتِ هَٰذَا تَأْوِيلُ رُؤْيَايَ مِنْ قَبْلُ قَدْ جَعَلَهَا رَبِّي حَقًّا ۖ وَقَدْ أَحْسَنَ بِي إِذْ أَخْرَجَنِي مِنَ السِّجْنِ وَجَاءَ بِكُمْ مِنَ الْبَدْوِ مِنْ بَعْدِ أَنْ نَزَغَ الشَّيْطَانُ بَيْنِي وَبَيْنَ إِخْوَتِي ۚ إِنَّ رَبِّي لَطِيفٌ لِمَا يَشَاءُ ۚ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ
තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේය. තවද ඔවුහු ඔහුට හිස නැමූහ. තවද මාගේ පියාණනි! මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ කළේය. තවද සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලා ව ගෙන ආ විටද ඔහු මා සමග යහපත් අයුරින් කටයුතු කළේය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට මෛත්‍රීය. නියත වශයෙන්ම සර්වඥානී මහා ප්‍රඥාවන්තයා ඔහුමය යැයි කීය.

Choose other languages: